Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:25 - Sinhala New Revised Version 2018

25 සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:25
28 හුවමාරු යොමු  

මම බැසැවිත් නුඹ සමඟ එහි දී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිට ද තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නො උසුලා ඔවුන් ද නුඹ සමඟ එය උසුලනු ඇත.


සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය.


උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ.


මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.


ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුශලතා ඔවුන්ගේ ම පාලනයෙහි තිබිය යුතු ය.


ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැඟිට, ‘ලොව පුරා මහත් සාගතයක් ඇති වන්නේ ය’යි ආත්මයාණන් කරණකොටගෙන ප්‍රකාශයක් කෙළේ ය. ඒ සාගතය ක්ලෞදියස් රජු දවස සිදු විය.


වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමාණෝ ඔවුන්ට දුන් අණපනත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.


මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.


සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.


එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?


ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.


දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.


මෝසෙස් නැඟිට ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් සමඟ දාතාන් සහ අබිරාම් වෙත ගියේ ය.


ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය.


ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්