එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
ගණන් කථාව 10:21 - Sinhala Revised Old Version එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය. Sinhala New Revised Version එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි. Sinhala New Revised Version 2018 එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි. |
එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.
මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.
මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.
එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය.