Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:20 - Sinhala Revised Old Version

20 එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:20
11 හුවමාරු යොමු  

බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.


ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න–ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා.


කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.


ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්