සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
ක්‍රියා 5:34 - Sinhala Revised Old Version නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ: Sinhala New Revised Version එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය: සිංහල කාලීන පරිවර්තනය එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්‍රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය: |
සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.
තවද එල්නාතාන්ද දෙලායාද ගෙමරියාද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.
තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය.
ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?
මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.
නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද?
ඔව්හු ඒ අසා, අලුයම් වේලෙහි දේවමාළිගාවට ඇතුල්වී ඉගැන්නුවෝය. නුමුත් උත්තම පූජකයාද ඔහු සමඟ සිටියෝද ඇවිත් මන්ත්‍රණ සභාව හා ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කරවා, ඔවුන් ගෙනෙන පිණිස හිරගෙට මනුෂ්‍යයන් යැවුවෝය.