ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,
ක්‍රියා 4:36 - Sinhala Revised Old Version කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියයෙක්වූ (අනුශාසනාවේ පුත්‍ර යන අර්ථ ඇති) බාර්ණබස් යන නාමය ප්‍රේරිතයන්ගෙන් ලැබුවාවූ යෝසෙප් වනාහි, Sinhala New Revised Version එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. සිංහල කාලීන පරිවර්තනය අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි. Sinhala New Revised Version 2018 එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි අපෝස්තුළුවරුන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. |
ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,
බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.
අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය.
ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.
ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.
මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.
එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය.
එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.
ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය;
ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය.
අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.
නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය.
නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය.
අනික් යුදෙව්වරුද ඔහු සමඟ එසේම වංකකම් කළෝය; එසේය, බාර්ණබස් පවා ඔවුන්ගේ වංකකමට ඇදී ගියේය.
එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.
මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.