Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:3 - Sinhala Revised Old Version

3 අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩබෑමට නියමිතව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:3
22 හුවමාරු යොමු  

එතැනින් පිටත්වී, හුළඟ විරුද්ධව තිබුණු බැවින් කුප්‍රසේ මුවාවෙන් යාත්‍රාකර ගියෙමුව.


ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය.


ඔහු තීර් සහ සීදොන් වැසියන්ට ඉතා කෝපව සිටියේය. ඔව්හු තමුන්ගේ රට රජුගේ රටෙන් පෝෂණයකරනු ලැබූ බැවින්, එක්සිත්ව ඔහු ළඟට ඇවිත්, රජුගේ ගෙයි ඇමතියා වන බ්ලාස්තුස් මිත්‍රකරගෙන, සමාදානය ඉල්ලුවෝය.


කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියයෙක්වූ (අනුශාසනාවේ පුත්‍ර යන අර්ථ ඇති) බාර්ණබස් යන නාමය ප්‍රේරිතයන්ගෙන් ලැබුවාවූ යෝසෙප් වනාහි,


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


සභාවන් ස්ථිරකරමින්, සිරියාව සහ කිලිකියාව මැදින් ගමන් කළේය.


ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය;


ඔවුන් අත මෙසේ ලියා යැවුවෝය. ප්‍රේරිතයන්ද සහෝදරවූ වැඩිමහල්ලන්ද අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් කිලිකියෙහිත් වසන අන්‍යජාතිවූ සහෝදරයන්ට ශුභසිද්ධවන ලෙස ලියා එවන වගනම්–


මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.


ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය.


කොරාශින්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කළ බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි කළා නම්, ඔව්හු මීට ප්‍රථම ගෝනිරෙදි ඇඳ, අලුයෙහි ඉඳ, පසුතැවිල්ලට පැමුණුණෝ වෙති.


මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි.


කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.


සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.


මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.


තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය; සෙනඟ අතරේ ධනවන්තයෝ පවා නුඹෙන් කරුණාව ඉල්ලන්නෝය.


දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


එහිදී පෙනීකියට යන්නාවූ නැවක් සම්බව එහි නැගී පිටත්වුණෙමුව.


අපි තීර් සිට විත් අපේ මුහුදු ගමන නිමකොට තොලිමයිසට පැමිණියෙමුව; එහිදී සහෝදරයන්ට ආචාරකොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්