මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.
ක්‍රියා 3:14 - Sinhala Revised Old Version මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා, Sinhala New Revised Version ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය. සිංහල කාලීන පරිවර්තනය ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කරදෙන මෙන් ඉල්ලා සිටීමයි. Sinhala New Revised Version 2018 ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය. |
මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.
සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.
එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය.
ඔහු මොරගසමින්: නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්ට ආසේක්ද? ඔබවහන්සේ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීය.
නුමුත් එසේ නොව ඔහු විසින් බරබ්බස් ඔවුන්ට මුදා දෙන පිණිස නායක පූජකයෝ සමූහයා පෙලෙඹවුවෝය.
දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.
ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය;
උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බ නූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය.
මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.
ඔහු කථාකොට: අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනන්වහන්සේව දකින්ටත් උන්වහන්සේගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියමකළසේක.
කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.
නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.
තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ශුද්ධවූ, සැබෑවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.