ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 26:21 - Sinhala Revised Old Version

මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඒ හේතුවටයි යුදෙව්වන් දේව මාලිගාවේදී මා අල්ලා, මා මරන්නට තැත් කළේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 26:21
5 හුවමාරු යොමු  

ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න.


ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.


ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.