ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 24:8 - Sinhala Revised Old Version

යමක් ගැන අපි මොහුට වරද තබමුද ඒ සියල්ල මොහුගෙන්ම විචාරා දැනගන්ට ඔබට පුළුවනැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කළේ ය. අප ඔහුට විරුද්ධව නගන මේ සියලු චෝදනාවල සත්‍යතාව, ඔහු විභාග කිරීමෙන් ඔබටම දැනගත හැකි වනු ඇතැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 24:8
7 හුවමාරු යොමු  

ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය.


නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.


නුඹට වැරදි තබන්නන් ආවාම නුඹේ මුළු කාරණය විභාගකරන්නෙමියි කියා, හෙරොද්ගේ මාළිගාවෙහි ඔහු රැකවල්කරන්ට අණකෙළේය.


යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය.


එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.