Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 25:5 - Sinhala Revised Old Version

5 එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:5
11 හුවමාරු යොමු  

නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.


මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.


යමක් ගැන අපි මොහුට වරද තබමුද ඒ සියල්ල මොහුගෙන්ම විචාරා දැනගන්ට ඔබට පුළුවනැයි කීවේය.


නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.


පාවුල් මුඛය අරින්ට හදන කල ගලියෝ යුදෙව්වරුන්ට කථාකොට: එම්බා යුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක්වත් නපුරු දුෂ්ටකමක්වත් වී නම්, නුඹලා ගැන මා විසින් ඉවසිය යුතුය.


නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.


ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්