ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
ක්‍රියා 20:20 - Sinhala Revised Old Version ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්, Sinhala New Revised Version ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්, සිංහල කාලීන පරිවර්තනය ඔබට ප්‍රයෝජනවත් විය හැකි කවර දෙයක් වුව ප්‍රකාශ කිරීමට මා පසුබට නො වූ බවත් ඔබ දන්නවා; ප්‍රසිද්ධියේ මෙන්ම ගෙන් ගෙට ගොස් මා ඔබට ඉගැන්නුවා. Sinhala New Revised Version 2018 ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්, |
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: නුඹලා කී දේ ඇසීමි; මම නුඹලාගේ වචනවල හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ නුඹලාට උත්තරදෙන කාරණා සියල්ලම නුඹලාගෙන් කිසිවක් නොසඟවා නුඹලාට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.
උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.
තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්,
එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.
තමාගේ භාර්යාවත් දැනුවත්ව මිලෙන් කොටසත් තබාගෙන, එක්තරා කොටසක් ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.
දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.
ඉතින්, සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද?
ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්,
බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.
අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.