මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
ක්රියා 12:1 - Sinhala Revised Old Version ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. Sinhala New Revised Version ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. සිංහල කාලීන පරිවර්තනය හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. Sinhala New Revised Version 2018 ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. |
මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය.
නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්රසන්නකළාය.
එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.
ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.
ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.
මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.