කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
ක්‍රියා 10:23 - Sinhala Revised Old Version එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය. Sinhala New Revised Version එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. සිංහල කාලීන පරිවර්තනය එවිට පේතෘස් තමාගේ අමුත්තන් වශයෙන් ඒ මිනිසුන් ගෙතුළට කැඳවී ය. පසු දා පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් විය. යොප්පාහි සහෝදරයින් කීප දෙනෙක් ද ගමනට එක් වූහ. Sinhala New Revised Version 2018 එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. |
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:
එබැවින් මා කැඳවා යැවූ කල මම අකැමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.
එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.
පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය.
ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යන ලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව.
සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළද තානායම් තුනද දක්වා අප පෙරමගට ආවෝය. පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්ය ලැබුවේය.
දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය.
ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.
ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.