Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 10:45 - Sinhala Revised Old Version

45 පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

45 පේතෘස් සමඟ පැමිණ සිටි චර්මඡේදිත ඇදහිලිවන්තයින් අන්‍ය-ජාතිකයින් වෙත ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වගුරුවනු ලැබූ වග දැක, විස්මිත වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:45
12 හුවමාරු යොමු  

එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය.


පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.


එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා,


තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි,


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


නුඹ අචර්මඡේදිත මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන් සමඟ කෑයෙහියයි කීවෝය.


පේතෘස් යෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහු සමඟ වාදකරමින්:


බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්