ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,
ක්‍රියා 1:3 - Sinhala Revised Old Version උන්වහන්සේ වද වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක. Sinhala New Revised Version උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. සිංහල කාලීන පරිවර්තනය තම වධ විඳීමෙන් පසු, තමන්ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත්ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක්වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතරතුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. |
ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,
එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.
එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය.
මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.
අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.
ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය.
උන්වහන්සේ තමන්වහන්සේ සමඟ ගලීලයෙන් යෙරුසලමට ගියවුන්ට බොහෝ දවසක් පෙනි පෙනී සිටිසේක. ඔව්හු දැන් සෙනඟට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය.
ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.
තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.
කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.
නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචි දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය.
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් නුඹලා කළාවූ නුඹලාගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි නුඹලා දනිහුය.
පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන,