ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
එළිදරව් 6:15 - Sinhala Revised Old Version පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය; Sinhala New Revised Version පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය. සිංහල කාලීන පරිවර්තනය එවිට පොළොවේ රජවරු, අධිපතීහු, හමුදාපතීහු, ධනවත්හු හා බලවත්හු ද හැම වහලෙක් හා නිවහල් මිනිහෙක් ද ගුහාවලත්, කඳුවල ගල් කුළු අතරේත් සැඟවුණහ. Sinhala New Revised Version 2018 පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය. |
ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
නුඹ පර්වතයට ඇතුල්වී ස්වාමීන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.
එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.
ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.
පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මණමාලයාගේවත් මණමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය;
මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.
තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.