යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.
එළිදරව් 3:21 - Sinhala Revised Old Version මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි. Sinhala New Revised Version මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි. සිංහල කාලීන පරිවර්තනය “ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මාගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි. Sinhala New Revised Version 2018 මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි. |
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.
ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.
මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.
දෙවියන්වහන්සේ තමන් තුළම ඔහුව මහිමයට පමුණුවනසේක, උන්වහන්සේ ඔහුව වහාම මහිමයට පමුණුවනසේක.
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.
අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.
මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.
ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.
තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය.
පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.
ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.
එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙනලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත්ව ආවේය.
මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.