ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 7:3 - Sinhala Revised Old Version

එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජුරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජුරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට එස්තර් රැජින උත්තර දෙමින්, “රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව.

පරිච්ඡේදය බලන්න



එස්තර් 7:3
9 හුවමාරු යොමු  

එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගන, ඉශ්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය.


රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා.


තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය.


එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය.


රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැගිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්නලව්කරන්ට නැවතුණේය.


රජ්ජුරුවන් ප්‍රසන්න නම්, ඔබගෙන් මට කරුණාවද ලැබී තිබේනම්, එසේම කාරණය රජ්ජුරුවන්ට හරිව පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රියවී නම්, රජුගේ සියලු රටවල සිටින යුදෙව්වරුන් විනාශකරන්ට අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් කළ යෝජනාව එනම් ඔහු ලියා යැවූ ලියුම් අවලංගුකරන පිණිස ලියා අරිනු ලැබේවා.


සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.


මා යොනාතාන්ගේ ගෙයි නොමැරෙන පිණිස එහි මා නැවත නාරින ලෙස මාගේ කන්නලව්ව රජ්ජුරුවන් ඉදිරියෙහි ඔප්පුකෙළෙමියි කියන්නැයි යෙරෙමියාට කීවේය.