Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 1:13 - Sinhala Revised Old Version

13 රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ යැවී ය. පණස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පණස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ යැවී ය. පනස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පනස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 1:13
17 හුවමාරු යොමු  

නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.


මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.


නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.


ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.


නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.


උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.


උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය.


රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.


එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.


ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


එලියා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි ඔවුන්ට කීවේය. එවිට දෙවියන්වහන්සේගේ ගිනි අහසින් බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය.


බැලුව මැනවි, අහසින් ගිනි බැස පළමු පනසාධිපතීන් දෙදෙනාද ඔවුන්ගේ පනසවල්ද දවාදැමුවේය. නුමුත් දැන් මාගේ ප්‍රාණය ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවායි ඔහුට කීවේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්