Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 7:4 - Sinhala Revised Old Version

4 මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 7:4
18 හුවමාරු යොමු  

රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය.


නුඹ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් නුඹ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ නුඹ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී නුඹලාගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට නුඹලාම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් නුඹලා මිලේට නොගන්නේයයි කීවේය.


අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා තරුණයන්ද මහල්ලන්ද බාලයන්ද ස්ත්‍රීන්ද යන සියලු යුදෙව්වරුන් එක දවසේම නැතිකරදමන්ටත් මරන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් කියා රජුගේ සියලු රටවලට පණිවිඩකාරයන් අත ලියුම් අරිනලද්දේය.


එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී,


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.


තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.


එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.


ඉතින් අපේ මාංසය අපේ සහෝදරයන්ගේ මාංසය වාගේය, අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත්කරදෙමුව, අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. එය වෙනස්කරන්ට අපට පුළුවන්කමකුත් නැත; අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේයයි කීවෝය.


නුඹ මා ළඟ සිටින්න, භයනොවන්න; මා මරන්ට සොයන්නා නුඹත් මරන්ට සොයන්නේය. නුමුත් නුඹ මා වෙත සුරක්ෂිතව සිටින්නෙහියයි අබියාතර්ට කීවේය.


ඉතින් නුඹලා ශාපලද්දෝය, නුඹලාගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.


නුමුත් ඒ දාසයා: මාගේ ස්වාමියාගේ ඊම ප්‍රමාදවන්නේය කියා සිතින් සිතාගෙන, දැසිදසුන්ට ගහන්ටත් කන්ටත් බොන්ටත් මත්වෙන්ටත් පටන්ගත්තොත්,


එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.


මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්