ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 3:6 - Sinhala Revised Old Version

නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වනලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් 3:6
6 හුවමාරු යොමු  

අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


ඔව්හු කථාකොට: වරෙව්, ඉශ්‍රායෙල් යන නම මතු සිහි නොවන පිණිස, ජාතියක් නොවන ලෙස ඔවුන් සිඳ දමමුයයි කියති.


ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.


ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ නුඹ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති.


එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.