Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 3:6 - Sinhala New Revised Version

6 එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වනලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 3:6
6 හුවමාරු යොමු  

ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.


එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.


අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.


එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය.


“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති.


සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්