එසකියෙල් 6:5 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මළකඳන් ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට නුඹලාගේ පූජාසන වටකරින් විසුරුවන්නෙමි. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි. |
යොෂියා හැරුණු විට එහි කන්දේ තිබුණු සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් ප්‍රකාශකළ ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුලුස්සා ඒක දූෂ්‍ය කෙළේය.
භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.
එබැවින් ඊට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද වළලන්ට ඉඩ නැතිවන තරම් තෝපෙත්හි මිනී වළලනවා ඇත.
උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය,මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය;