නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.
එසකියෙල් 5:4 - Sinhala Revised Old Version නැවත එයින් ස්වල්පයක් රැගෙන ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවන්න; එයින් මුළු ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව ගින්නක් නික්මෙන්නේය. Sinhala New Revised Version නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.” Sinhala New Revised Version 2018 නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.” |
නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.
යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.
පලාගිය අය හෙෂ්බොන්හි සෙවණෙහි බලය නැතුව සිටිති. මක්නිසාද හෙෂ්බොන්හි සිට ගින්නක් ද සීහොන් ඇතුළෙන් ගිනිදළුවක්ද නික්ම ඇවිත්, මෝවබ් පළාත සහ ඝෝෂාකාර පුත්‍රයන්ගේ හිස්මුදුන්ද දවාදැමුවේය.
නෙබුකද්රෙශර්ගේ විසිතුන්වෙනි අවුරුද්දේදී රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යුදෙව්වරුන් හත්සිය හතළිස් පස්දෙනෙකු අල්ලාගෙන ගියේය. ඒ සියල්ලෝම හාරදාස් හසියයක්ය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. මේක යෙරුසලමය; ඈ ජාතීන් මැද පිහිටෙවුවෙමි, ඈ අවටින් රටවල් තිබේ.