Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:45 - Sinhala Revised Old Version

45 පලාගිය අය හෙෂ්බොන්හි සෙවණෙහි බලය නැතුව සිටිති. මක්නිසාද හෙෂ්බොන්හි සිට ගින්නක් ද සීහොන් ඇතුළෙන් ගිනිදළුවක්ද නික්ම ඇවිත්, මෝවබ් පළාත සහ ඝෝෂාකාර පුත්‍රයන්ගේ හිස්මුදුන්ද දවාදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:45
12 හුවමාරු යොමු  

මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද?


ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.


ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.


හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය.


ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්:


මෝවබ් තට දුක් විය! අහෝ කෙමොෂ් වැසියෙනි, තොපි නාස්ති වූහුය. ඔහු තමාගේ පුත්‍රයන් පලායාමටත් තමාගේ දූවරුන් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට වාලටත් දුන්නේය.


ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


නොප් සහ තාහ්පන්හේස්හි පුත්‍රයොත් නුඹේ ඉස්මුදුන කාදැම්මෝය.


හෙෂ්බොන් ගැන මෝවබ් තවත් පාරට්ටු නොකරන්නේය; එන්න, ජාතියක්ව නොසිටින ලෙස ඇය සිඳදමමුයයි ඔව්හු ඈට විරුද්ධව නපුර යෝජනාකළෝය. එම්බා මද්මේන්, නුඹත් නාස්තිවන්නෙහිය; කඩුව නුඹ පසුපස්සේ එන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්