එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.
එසකියෙල් 43:4 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය. |
එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.
වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය.
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.
වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.
ස්වාමීන්වහන්සේගේ තේජස නුවර තුළෙන් නැගී ගොස් නුවරට නැගෙනහිරින් තිබෙන කන්ද උඩ සිටියේය.
එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.
එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.