ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 43:1 - Sinhala Revised Old Version

තවද ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 43:1
7 හුවමාරු යොමු  

කෙරුබ්වරු පිටතට යන විට තමුන්ගේ පියාපත් ඔසවා මාගේ ඇස් හමුවෙහි පොළොවෙන් නැංගෝය, රෝදත් ඔවුන් එක්කම නැංගෝය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරකඩ සිටියෝය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජසද ඔවුන්ට උඩින් තිබුණේය.


එවිට ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට ඇවිත් ඒකේ පඩිවලින් නැගී එළිපත්ත මැන්නේය, ඒකේ පළල එක දණ්ඩක්ය. එක එළිපත්තක පළල එක දණ්ඩක්ය.


ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.


ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය.


එවිට ඔහු නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා නැවත ගෙනගියේය; නුමුත් ඒක වසා තිබුණේය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.