Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 42:15 - Sinhala Revised Old Version

15 ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:15
7 හුවමාරු යොමු  

තවද ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙනගියේය.


වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;


පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.


ගෘහයට පිටතින් වටකරම තාප්පයක් තිබුණේය, ඒ මනුෂ්‍යයාගේ අතේ හරියනක් දිග ඇති දණ්ඩක් විය, එහි රියනක දිග රියනකුත් අල්ලක්ය. එවිට ඔහු ගොඩනැගිල්ලේ පළල මැන්නේය, ඒක එක දණ්ඩක්ය; උසත් එක දණ්ඩක්ය.


එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිට-බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්