ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 4:7 - Sinhala Revised Old Version

නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 4:7
6 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට නුඹේ වචනය පිටෝතුකරමින්, ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.


තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න–


ඔහු තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව ඇතුල්වෙන්ට තමාගේ මුහුණ යොමුකරන්නේය; එහෙත් ඔහු ඒ අය සමඟ සමාදානයක් කරගෙන, පසුව ඒක නැතිකරන පිණිස ස්ත්‍රීන්ගෙන් දුවෙක් ඔහුට දෙන්නේය; නුමුත් එය ඉෂ්ටවෙන්නේවත් ඔහුට හරියන්නේවත් නැත.