මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
එසකියෙල් 38:9 - Sinhala Revised Old Version එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත. Sinhala New Revised Version එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.” Sinhala New Revised Version 2018 එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.” |
මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
බලව, ස්වාමීන්වහන්සේගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.
ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
මම මිසරයේ වියගස් තෙහප් නෙහේස්හිදී බිඳින කලද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කලද එහි දවාල අඳුරුවන්නේය. ඈ වලාපටලයකින් වැසෙන්නේය. ඇගේ දූවරු වහල්කමට යන්නෝය.
නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.
තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.
ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.
ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය.