Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 38:9 - Sinhala New Revised Version 2018

9 එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:9
12 හුවමාරු යොමු  

“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


ඔවුන්ට පහර දෙන පිණිස සමිඳුන් ශක්තිමත්, බලවත් කෙනෙකු සූදානම් කර ඇත. ඔහු, ගල් වැස්සක් මෙන් ද වැහි කුණාටුවක් මෙන් ද ගසාගෙන යන මහා ජල ගැලීමක් මෙන් ද මුළු දේශය සම්පූර්ණයෙන් යටත් කරන්නේ ය.


ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.


නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’


දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.


පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.


ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.


ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ; දුනු සියල්ල තැත් කවා තිබේ. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත් ය; රථවල රෝද සුළි සුළඟ මෙන් වේගවත් ව කැරකෙයි.


මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්