එසකියෙල් 31:17 - Sinhala Revised Old Version ජාතීන් අතරේ ඔහුගේ සෙවනෙහි වාසයකළාවූ, ඔහුගේ හස්තයව සිටියාවූ තැනැත්තෝද කඩුවෙන් මැරුම්කෑ අය ළඟට ඔහු සමඟ පාතාලයට බැස්සෝය. Sinhala New Revised Version ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත. Sinhala New Revised Version 2018 ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත. |
යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.
ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.
ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.
මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.
ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්තෝය, එහි රිකිලි යට වනයේ සියලු මෘගයෝ පැටවු ගැහුවෝය, එහි සෙවෙණෙහි සියලු මහත් ජාතීහුද වාසයකළෝය.
වපුළායින් පසු එය වැඩී, සියලුම පලා ගස්වලට වඩා ලොකුවී, ඒකේ සෙවණෙහි ආකාශයේ පක්ෂීන්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදන්නේයයි කීසේක.