එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
එසකියෙල් 3:18 - Sinhala Revised Old Version නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. Sinhala New Revised Version ‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. Sinhala New Revised Version 2018 ‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. |
එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.
තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ නුඹලාගේ අතින් අයකර නුඹලා දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.
එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය.
දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
පිළිකුල්කම්කෙළේ නම්, පොළියට දී, ලාභද ගත්තේ නම්, ඒ පුත්‍රයා ජීවත්වන්නේද? ඔහු ජීවත් නොවන්නේය; ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් නසින්නේය; ඔහුගේ ලේ ඔහු පිටම වන්නේය.
පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.
බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.
තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේද නුඹ අතින් අයකරන්නෙමි.
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට මෙසේ කියන්න: ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැළවෙන්නේය; දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරෙන දවසේදී තමාගේ දුෂ්ටකම නිසා වැටී නොයන්නේය. ධර්මිෂ්ඨයා පව්කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත්වෙන්ට ඔහුට පුළුවන්වෙන්නෙත් නැත.
නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි.
මක්නිසාද: ඔව්හු කාන්තාරයෙහි සැබවින්ම මියන්නෝයයි ස්වාමීන්වහන්සේ ඔවුන් ගැන කීසේක. එහෙත් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඉතුරු නොවීය.
එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.
එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.
එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.
නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.
දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.