එසකියෙල් 28:4 - Sinhala Revised Old Version නුඹේ ප්‍රඥාවෙන්ද නුඹේ නුවණින්ද නුඹ සම්පත් උපදවාගෙන, රන්ද රිදීද ලබා නුඹේ ගබඩාවල තබාගත්තෙහිය. Sinhala New Revised Version නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. Sinhala New Revised Version 2018 නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. |
නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.
මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි.
පසුබටවන දියණිය, නුඹ මිටියාවත් ගැන එනම් නුඹේ ගලායන මිටියාවත් ගැන පාරට්ටුකරගන්නේ මක්නිසාද? මට විරුද්ධව පැමිණෙන්නේ කවුදැයි කියා නුඹේ වස්තු කෙරෙහි නුඹ විශ්වාසකරන්නෙහිය.
නුඹේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; නුඹේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් නුඹ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.
නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.
ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය;
එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ.