Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:33 - Sinhala Revised Old Version

33 නුඹේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; නුඹේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් නුඹ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:33
9 හුවමාරු යොමු  

ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.


මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.


නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි.


තීර්ට මෙසේ කියන්න: මුහුදට ඇතුල්වෙන තැන්හි වාසයකරන්නාවූ, ජනයන්ගේ වෙළෙන්දියක්ව බොහෝ ද්වීපවලට යන්නාවූ තැනැත්තිය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්–මම අලංකාරකමෙන් සම්පූර්ණව සිටිමියි නුඹ කීයෙහිය.


තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්