ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 28:19 - Sinhala Revised Old Version

ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 28:19
12 හුවමාරු යොමු  

උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.


මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහිය; නුඹ තවත් ගොඩනගනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මම නුඹ භීතියක් කරන්නෙමි, නුඹ තවත් නොසිටින්නෙහිය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බවෙන්නේ නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


නුඹේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.


නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹේ විනාශය මා විසින් පමුණුවන කල, බොහෝ ජනයන්ගේ සිත් ශෝකකරවන්නෙමි.


තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.