Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:12 - Sinhala Revised Old Version

12 නුඹේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:12
11 හුවමාරු යොමු  

බලව, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ ප්‍රඥාවේ ලක්ෂණකමට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, නුඹේ දීප්තිය කිලුටුකරන්නෝය.


ජාතීන්ගේ බලවන්තයා කැමැති හැටියට ඔහුට කරන පිණිස ඒ අය අතට ඔහු පාවාදෙන්නෙමි. ඔහුගේ දුෂ්ටකම නිසා ඔහු එළවාදැමීමි.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.


ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත් ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්තිකරන්ට ගෙන්වනු ලැබ, මිසරයට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, මැරුම්කන අයගෙන් ඔව්හු දේශය පුරවන්නෝය.


ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.


ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


ජාතීන් නුඹේ ලජ්ජාව ගැන අසා තිබේ, නුඹේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මක්නිසාද බලවන්තයා බලවන්තයාට හැපී දෙන්නාම එක්ව වැටුණෝයයි කීසේක.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ සමූහයා ගැන විලාපයක් කියා, ඔවුන් සහ බලවත් ජාතීන්ගේ දූවරුන්ද මිනීවළට බසින්නන් සමඟ පොළොවේ පහත් තැන්වලට හෙළන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්