මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.
එසකියෙල් 26:5 - Sinhala Revised Old Version එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේය; මක්නිසාද මමම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේය. Sinhala New Revised Version එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය. Sinhala New Revised Version 2018 එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය. |
මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.
මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහිය; නුඹ තවත් ගොඩනගනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වැසියන් නැති නුවරවල් මෙන් මා විසින් නුඹ පාළු නුවරක් කර, මහත් ජලවලින් නුඹ වැසී යන ලෙස ගැඹුර නුඹ පිටට පමුණුවන කල,
ඔවුන්ගේ ළතෝනියේදී ඔවුන් නුඹ ගැන විලාපයක් පවත්වා, නුඹ ගැන මෙසේ විලාප කියනවා ඇත: මුහුද මැදදී නිශ්ශබ්දභාවයට පත්වූ තීර්ට සමාන කවුද?
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.
මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය