Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:19 - Sinhala Revised Old Version

19 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:19
12 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජුගේ කඩුව නුඹ පිටට පැමිණෙන්නේය.


කඩුවක් මිසරය පිටට පැමිණෙන්නේය, මිසරයෙහි මනුෂ්‍යයන් මැරුම්කා වැටෙන්ටත් එහි සමූහයා අල්ලාගනයන්ටත් එහි අත්තිවාරම් පෙරළාදමන්ටත් යෙදෙන කල කූෂ්හි වේදනා හටගන්නවා ඇත.


මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේය; මක්නිසාද මමම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේය.


මම පත්‍රොස් පාළුකොට, ශොවන්හි ගින්නක් අවුළුවා, නෝයෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න–නුඹේ මහත්කමෙන් නුඹ කාට සමානද?


මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්