එසකියෙල් 26:18 - Sinhala Revised Old Version දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත. Sinhala New Revised Version දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.” Sinhala New Revised Version 2018 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.” |
ස්වාමිවූ දෙවියන්වහන්සේ තීර්ට මෙසේ කියනසේක: නුඹේ වැටීමේ ශබ්දයටත් නුඹ තුළෙහි තුවාලවූවන්ගේ කෙඳිරිගෑමටත් මිනිසුන් මරා දැමීමටත් ද්වීපයෝ නොසෙල්වන්නෝද?
ද්වීපවල සියලුම වැසියෝ නුඹ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු පාතාලයට බැස්ස දවසේදී වැලපීමක් කෙළෙමි. ඔහු ගැන ගැඹුර වසා ඒකේ ගැලීම නැවැත්වීමි, මහත් ජලවල්ද නැවතුණේය. ලෙබනොන් ඔහු ගැන වැලපෙන්ට සැලැස්වීමි, බැද්දේ සියලු ගස්ද ඔහු ගැන මැලවුණේය.