Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:15 - Sinhala Revised Old Version

15 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු පාතාලයට බැස්ස දවසේදී වැලපීමක් කෙළෙමි. ඔහු ගැන ගැඹුර වසා ඒකේ ගැලීම නැවැත්වීමි, මහත් ජලවල්ද නැවතුණේය. ලෙබනොන් ඔහු ගැන වැලපෙන්ට සැලැස්වීමි, බැද්දේ සියලු ගස්ද ඔහු ගැන මැලවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:15
8 හුවමාරු යොමු  

එකල යූදාහිද යෙරුසලමේද පූජාව පුරාණ දවස්වලදීත් පළමු අවුරුදුවලදීත් මෙන් ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේය.


එම්බා ගිල්බෝවා කඳුනි, නුඹ පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.


මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.


එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නැමති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.


දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්