මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.
එසකියෙල් 26:11 - Sinhala Revised Old Version ඔහු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීථි පාගා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනවා ඇත, නුඹේ බලවත් කුළුනුද බිමට වැටෙනවා ඇත. Sinhala New Revised Version ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුළුණු බිමට වැටෙනු ඇත. Sinhala New Revised Version 2018 ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුලුණු බිමට වැටෙනු ඇත. |
මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.
ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.
දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.
ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.