Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 43:13 - Sinhala Revised Old Version

13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුලුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 43:13
13 හුවමාරු යොමු  

ඒ දවසෙහි කානාන් භාෂාව කථාකරන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේට දිවුරුම් දෙන්නාවූ නුවරවල් පහක් මිසර දේශයෙහි වන්නේය; එකකට විනාශයේ නුවරයයි කියනු ලබන්නේය.


තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.


ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.


මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය.


මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


සේනාවල ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නෝහි ආමොන්ටත් ඵාරාවෝටත් මිසරයටත් එහි දෙවිවරුන්ටත් එහි රජවරුන්ටත් ඵාරාවෝට සහ ඔහු කෙරේ විශ්වාසකරන්නන්ටත් දඬුවම්කරමින්,


ඔහු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීථි පාගා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනවා ඇත, නුඹේ බලවත් කුළුනුද බිමට වැටෙනවා ඇත.


හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලෙකනවා ඇත.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


නුඹලා ඔවුන්ට කථාකොට: අහසත් පොළොවත් නොසෑදුවාවූ දෙවිවරු වනාහි පොළොවෙන්ද අහස යටින්ද නැතිවන්නෝයයි කියන්න.


මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් ඔහුගේ මුළු සෙනඟටත්,


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.


ආවෙන්හිද පී-බෙසෙත්හිද යෞවනයෝ කඩුවෙන් වැටෙන්නෝය; එහි වැසියෝ වහල්කමට යන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්