ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
එසකියෙල් 22:11 - Sinhala Revised Old Version එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේය; නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කෙළේය. Sinhala New Revised Version ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ. Sinhala New Revised Version 2018 ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ. |
ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
ඒවා ඔහුට කන්ට ළඟට ගෙනගිය විට ඔහු ඈ අල්වා: මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැයි ඈට කීවේය.
මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහෝ මාගේ සෙනඟ අත් හැර ඔවුන් වෙතින් යන පිණිස ගමන් කාරයන්ගේ නවාතැනක් කාන්තාරයෙහි මට ඇත්නම්! මක්නිසාද ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය, ද්‍රෝහිකාරසභාවක්ය.
ඉශ්‍රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඑසෙවුවේ නම්, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට, ඔසප්වී සිටින ස්ත්‍රියෙක් වෙතට නොපැමිණ සිටින්නේ නම්,
නුඹලාගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
නුඹේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පුත්‍රයාගේ භාර්යාවය; නුඹ ඇගේ නග්නභාවය නෑරිය යුතුය.
නුඹලාගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.
ගෙදර උපන් හෝ පිටත උපන් හෝ නුඹේ පියාගේ දුවවත් නුඹේ මවුගේ දුවවත් වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.
අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.
මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.
මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරීයේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්,
පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.