Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:23 - Sinhala Revised Old Version

23 මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:23
28 හුවමාරු යොමු  

තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.


උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.


මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුවෙහි ඔවුන් මරන්නේය.


මක්නිසාද මාගේ ඇස් ඔවුන්ගේ සියලු මාර්ගයන් කෙරෙහි යොමා තිබේ. ඒවා මාගේ මුහුණෙන් සැඟවී නැත, ඔවුන්ගේ අයුතුකමද මාගේ ඇස් ඉදිරියෙන් වැසී නැත.


මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.


තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.


ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


නුඹේ මිථ්‍යාචාරකම්ද නුඹේ හේෂාරවය කිරීම්ද පිටත හෙල් පිට නුඹ කරන නුඹේ දූෂ්‍ය වේශ්‍යාකම්ද යන නුඹේ පිළිකුල්කම් මම දුටිමි. යෙරුසලම, නුඹට දුක්වේ! නුඹ පිරිසිදුවෙන්ට අකැමැතිය; තව කොපමණ කලකින් එය සිදුවන්නේද?


ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.


යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.


ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් නුඹේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය.


එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.


ඔව්හු හොඳට පෝෂ්‍යවී ඉන්න අශ්වයන් මෙන් අලුයම නැගිට, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ භාර්යාවට හේෂාරවය කළෝය.


මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


දාසව සිටින සියල්ලන්ට නුඹ ලියා ඇර: නෙහෙලාමිය ෂෙමායා ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් ෂෙමායා නොඑවූ නුමුත් ඔහු නුඹලාට අනාගතවාක්‍ය කියා බොරුවක් කෙරෙහි විශ්වාසකරන්ට නුඹලාට සැලැස්සූ නිසා ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති.


මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්