ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.
එසකියෙල් 20:47 - Sinhala Revised Old Version දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ තුළ ගින්නක් පත්තුකරමි, එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස්ද සියලු වියළි ගස්ද දැවීයන්නේය. ඒ ඇවිළෙන ගිනිමැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා සියලු මුහුණු දැවෙන්නේය. Sinhala New Revised Version ‘සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹ තුළ ගින්නක් දල්වන්නෙමි. එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස් ද සියලු වියළි ගස් ද දැවී යන්නේ ය. ඒ ඇවිලෙන ගිනි මැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා ඇති සියලු මුහුණු දැවෙන්නේ ය. Sinhala New Revised Version 2018 ‘සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹ තුළ ගින්නක් දල්වන්නෙමි. එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස් ද සියලු වියළි ගස් ද දැවී යන්නේ ය. ඒ ඇවිලෙන ගිනි මැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා ඇති සියලු මුහුණු දැවෙන්නේ ය. |
ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.
ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.
නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එම්බා දාවිත්ගේ වංශය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගින්න මෙන් විහිදී ගොස් කිසිවෙකුට නිවන්ට බැරි ප්‍රකාර නොඇවිළෙන පිණිස, කඩිනමින්ම විනිශ්චය පවත්වා, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න.
මම නුඹලාගේ ක්‍රියාවල ඵල ලෙස නුඹලාට දඬුවම් කරන්නෙමි. මම ඇගේ කැලෑවෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඈ වටකර තිබෙන සියලු තැන් දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.
ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.
ඒක මුවහත්කර තිබෙන්නේ මරාදමන පිණිසය; මැදලා තිබෙන්නේ විදුලිය මෙන් දිලිහෙන පිණිසය. එසේ නම් අපට ප්‍රීතිවෙන්ට යුතුද? මාගේ පුත්‍රයාගේ ජයකොන්තය සියලු ගස් සුළුකරන්නේය.
නුඹ ගින්නට දර පිණිස වන්නෙහිය; නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේය; නුඹ තවත් සිහිකරනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමියි කීය.
එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න, ඒක යට ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරවා, එහි තුළ තිබෙන ඇටත් තම්බන්න.
මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.