Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:46 - Sinhala Revised Old Version

46 මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගන, නුඹේ වචනය දකුණු දෙසට පිටෝතුකර, දකුණු පළාතේ වනයට විරුද්ධව අනාගතවාක්‍ය කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:46
14 හුවමාරු යොමු  

එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට නුඹේ වචනය පිටෝතුකරමින්, ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.


දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.


අනාගතවාක්‍ය නොපවසන්නැයි ඔව්හු අනාගතවාක්‍ය කියති. නින්දාවල් පහව නොයන්නේයයි ඔව්හු කියති.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න–


නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.


මම නුඹට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු නුඹේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.


දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.


මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය.


මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.


නැවත ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන බැවින් මාංසමයවූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත.


එබැවින් ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්