Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:31 - Sinhala Revised Old Version

31 මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:31
13 හුවමාරු යොමු  

යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් නුඹලා දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.


නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය.


මරනු ලබන පිණිස වරදකාරයන්වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමඟ ගෙනයනලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්