නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
එසකියෙල් 18:21 - Sinhala Revised Old Version නුමුත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින්, යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු සැබවින් නොනැසී ජීවත්වන්නේය. Sinhala New Revised Version “එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය. Sinhala New Revised Version 2018 “එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය. |
නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.
සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි.
මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,
තමාගේ අත අසරණයා පිට නොහෙළා, පොළීවත් ලාභවත් නොගෙන සිටී නම්, මාගේ විනිශ්චයන් ඉෂ්ටකොට මාගේ පනත් ප්‍රකාර හැසුරුණේ නම්; ඔහු තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබවින්ම ජීවත්වන්නේය.
නුමුත්: ඒ කොහොමද? පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේ මක්නිසාදැයි නුඹලා කියන්නහුය, පුත්‍රයා යුක්තියද ධර්මිෂ්ඨකමද කොට, මාගේ සියලු පනත් පවත්වා, ඒවා කර තිබේ නම්, ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.
මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; නුඹද නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය.
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.
යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.
මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?
මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.