එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
එසකියෙල් 17:4 - Sinhala Revised Old Version ඔහු ඒකේ මුදුන් රිකිලි කඩා, වෙළඳාමේ දේශයකට එය ගෙනැවිත්, වෙළඳුන්ගේ නුවරක එය සිටෙවුවේය. Sinhala New Revised Version ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය. Sinhala New Revised Version 2018 ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය. |
එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.
නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.
එම්බා බොහෝ ජලයන් පිට වසන්නාවූ, බොහෝ වස්තු ඇත්තාවූ තැනැත්තිය, නුඹේ තණ්හාවේ මිම්ම වන නුඹේ අන්තිමය පැමුණුණේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.
ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.
මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.
මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.